C# භාෂාව මගින් පරිගණක වැඩසටහනක්
ලිවීමේදී අකුරු සහ ඉලක්කම් තිරය මත මුද්‍රණය කරන අකාරය සලකා බලමු.
Thursday, July 28, 2016
Saturday, July 11, 2015
C# Program එකක් compile කර execute කිරීම.
අප කලින් පාඩම ඉදිරිපත් කල පසුව C# Program එකක් compile කර execute කරන ආකාරයත් ඉදිරිපත් කරණ ලෙස ඉල්ලීම් කිහිපයක් ලැබුණි. ඒ නිසා මෙම පාඩමෙන් C# Program එකක් compile කර execute කරන ආකාරය ඔබ වෙත ගෙන එන්නෙමු. අප කලින් පාඩමේදී ඉගෙන ගත් Hello World උදාහරණ
ය මේ සඳහා උපයෝගී කර ගනිමු. C# Program එකක් compile කර execute කරන ආකාර දෙකක් පවතී.
Wednesday, June 3, 2015
C# Programe Structure
C# Programming සිංහලෙන් ලෙස අප ඔබ වෙත ගෙන එන පාඩම් මාලාවේ තෙවෙනි පාඩම මෙලෙස ඔබ වෙත
ගෙන එන්නෙමු. C# හි programming concept අධ්‍යනය
කිරීමට පෙර මූලික වැඩසටහන් ව්‍යූහය දෙස අවධානය යොමු කරමු. එය ඉදිරි පාඩම් සඳහාද
සම්බන්ධ කරගත හැක. මේ සඳහා පරිගණක භාෂා ඉගෙනීමට මුලුන්ම භාවිතා කරණ සුප්‍රසිද්ධ Hello
World උදාහරණය යොදා ගනිමු.
ඔබේ පරිගණකයේ .Net framework ස්ථාපනය කර ඇත්නම්
සරල Text Editor එකක් මගින් හෝ Visual Studio
ස්ථාපනය කර ඇත්නම් Visual Studio හි Console
Application මගින් වැඩසටහන ආරම්භ කල හැක. C# වැඩසටහනක් මූලිකව
පහත කොටස් වලින් සමන්විත වේ.
Sunday, January 4, 2015
C# Environment
C# Programming සිංහලෙන් ලෙස අප ඔබ වෙත ගෙන එන පාඩම් මාලාවේ දෙවෙනි පාඩම මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. C# වැඩසටහන් නිර්මාණය කිරීමට පෙර ඒ සඳහා අපගේ පරිගණකයේ අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගන්නා ආකාරය මෙම පාඩමේදී සළකා බලමු. මේ සඳහා අවශ්‍ය tools පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.
C#
යනු .Net
Framework
හි කොටසක් සහ .Net Application සෑදීමට යොදා ගන්නා භාෂාවක් බවත් අප මුල් පාඩමේදී
සඳහන් කරණ ලදී. එම නිසා C# වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය tools පිළිබඳව සාකච්ජා කිරීමට පෙර C# සහ .Net Framework අතර ඇති සම්බන්ධය අප තේරුම් ගත යුතුය.
.Net
Framework යනු කුමද්ද?
Saturday, December 27, 2014
C# හැඳින්වීම.
C# programming සිංහලෙන් ලෙස මෙම පාඩම් මාලාව ආරම්භ කරණුයේ මේ දිනවල බොහෝ දෙනෙකු විසින් මෙම programming language එක පිළිබඳව අධ්‍යනය කිරීමට පෙළඹී ඇති නිසාය. Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා application නිර්මාණය කිරීම සඳහා C# දැනුම අත්‍යවශ්‍ය වේ. අද වන විට Windows Smart Mobile Devices ජනතාව අතර ජනප්‍රිය වී ඇති නිසා Windows Apps සඳහාද ඇති ඉල්ලුමද වැඩි වී ඇත. C# සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ tutorials අන්තර්ජාලයේ පැවතුනත් සිංහල භාෂාවෙන් ඇති පාඩම් මාලාවන් ඉතා අල්පය. එම නිසා සෑම කෙනෙකුගේම අධ්‍යනය පහසුව සඳහා සරලව සිංහල භාෂාවෙන් මෙම පාඩම් මාලාව අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
Subscribe to:
Posts (Atom)

.jpg)
