Saturday, December 27, 2014

C# හැඳින්වීම.

 

  C# programming සිංහලෙන් ලෙස මෙම පාඩම් මාලාව ආරම්භ කරණුයේ මේ දිනවල බොහෝ දෙනෙකු විසින් මෙම programming language එක පිළිබඳව අධ්‍යනය කිරීමට පෙළඹී ඇති නිසාය. Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා application නිර්මාණය කිරීම සඳහා C# දැනුම අත්‍යවශ්‍ය වේ. අද වන විට Windows Smart Mobile Devices ජනතාව අතර ජනප්‍රිය වී ඇති නිසා Windows Apps සඳහාද ඇති ඉල්ලුමද  වැඩි වී ඇත. C# සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ tutorials අන්තර්ජාලයේ පැවතුනත් සිංහල භාෂාවෙන් ඇති පාඩම් මාලාවන් ඉතා අල්පය. එම නිසා සෑම කෙනෙකුගේම අධ්‍යනය පහසුව සඳහා සරලව සිංහල භාෂාවෙන් මෙම පාඩම් මාලාව අප  ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

   

C# යනු Microsoft සමගම විසින් හඳුන්වාදුන් නවීන, පොදු අභිමතාර්ථ සහිත, Object Oriented Programming භාෂාවකි. මෙය ඉදිරිපත් කරන ලද්දේ Anders Hejlsberg ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි. මෙය High-level programming language එකකි. මෙය C සහ C++  programming languages මත පදනම් වී නිර්මාණය වී ඇත. සම්ප්‍රදායික High-level programming languages වලට සමීපතම වේ. ඔබට C හෝ C++ programming language පිළිබඳව දැනුමක් ඇත්නම් C# භාෂාව ඉගෙන ගැනීම පහසු හා රසවත් වනු ඇත.


 C# මගින් නිර්මාණය කරනු ලබන වැඩසටහන් Common Language Infrastructure(CLI), Run-time Environment එක මත ක්‍රියාත්මක කරනු ලබන නිසා විවිධ Computer platforms සහ architectures වල ක්‍රියාත්මක විය හැක. මෙමගින් Windows Operating System එක සඳහා මෙන්ම Unix සහ Linux Macintosh වැනි Operating Systems සඳහාද වැඩසටහන් සකස් කල හැක. ඊට අමතරව අන්තර්ජාලය සඳහා මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන ආදිය සඳහාද අවශ්‍ය කරන මෘදුකාංග සකස් කල හැක.


   පහත සඳහන් කරුණු නිසා C# භාෂාව Professional language එකක් ලෙස බහුලව භාවිතා වේ.
  • Modern, General purpose programming language එකකි.
  • Object Oriented වේ.
  • Component Oriented වේ.
  • ඉගෙනීමට පහසුවේ.
  • Structured භාෂාවකි. 
  • කාර්යක්ෂම වැඩසටහන් සාදා ගත හැක. 
  • C# මගින් නිර්මාණය කල වැඩ සටහන් විවිධ Computer platforms මත compiled කල හැක. 
  • .Net framework හි කොටසකි.
   මෙම පරිඝනක වැඩසටහන් භාෂාව බොහෝ සෙයින් JAVA පරිඝනක වැඩසටහන් භාෂාව සමඟ සමීප වේ. මෙය සතුව බොහෝ ශක්තිමත් වැඩසටහන් විශේෂාංග පහසුකම් පවතී. එම නිසා C# භාෂාව ලෝකය පුරා සිටින Programers ලා විසින් භාවිතා කරයි.
  C# පරිඝනක වැඩසටහන් භාෂාව මගින් සපයන විශේෂාංග පහසුකම් කිහිපයක් පහත දැක්වේ.
  • Boolean Conditions
  • Automatic Garbage Collection
  •  Standard Library
  •  Assembly Versioning
  •  Properties and Events
  •  Delegates and Events Management
  •  Easy-to-use Generics
  •  Indexers
  •  Conditional Compilation
  •  Simple Multithreading
  •  LINQ and Lambda Expressions
  •  Integration with Windows
  මෙම පහසුකම් පිළිබඳව ඉදිරියේදී ගෙන එනු ලබන පාඩම් වලදී වැඩිදුර අධ්‍යනය කරනු ලැබේ.


ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න.

3 comments: