Thursday, December 20, 2018

මොකද්ද මේ MVC කියන්නේ..?


MVC කියන්නේ Software Architectural Pattern එකක්. මේක ගොඩක් කාලෙක ඉඳන් Software Engineering වලට පාවිච්චි කරලා තියනවා. බොහෝමයක් Programming Languages වලදී  සුළු වෙනස්කම් සහිතව MVC Architecture එක
භාවිතා කරනවා. (උදා: ASP.NET, Angular)  නමුත් සංකල්පමය වශයෙන් එය එක සමාන වෙනවා.

MVC කියන අකුරු තුනෙන් අදහස් කරන්නේ Model, View සහ Controller කියන එක. මෙතැනදී Software Application එක අන්තර් සම්බන්ධිත කොටස්/සංරචක(interconnected parts/ components) 03 කට බෙදා වෙන් කරනවා. - Model, View සහ Controller.


Model:

Model එක Data වල ස්වභාවය සහ Business Logic එක නියෝජනය කරනවා. [represents shape of the data and business logic].  එයින් Application එකේ data, maintain කරනවා. Model Objects වලට DB එකෙන් Model State එක ලබා ගන්නවා වගේම Model State එක DB එකේ ගබඩා කිරීමත් සිදු කරන්න පුළුවන්.


"Model is a data and business logic."


View: 

View කියන්නේ User Interface එකට. View එක Model එක භාවිතා කරලා User ට data display කරනව වගේම user ට data, modify කිරීමේ පහසුකමත් සපයනවා.


"View is a user interface."


Controller: 

Controller එක 'User Request'  handle කරනවා. User, View  එක එක්ක interact වෙන්නෙ URL Request එකකින්. මේ Request එක handle කරන්නේ Controller එකෙන්. ඒ වගේම Controller එක Model data ගැලපෙන View එකට Response එකක් විදියට Render කරනවා.


"Controller is a request handler."


Source: Tutorials Teacher

MVC Architecture

ඉහත Figure එකෙන් Model, View සහ Controller එක අතර interaction එක පෙන්වනවා.

Source: Tutorials Teacher

Request/Response in MVC Architecture

ඉහත Figure එකෙන් user's request එකක flow එක පෙන්වනවා.


ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න.

No comments:

Post a Comment