Sunday, August 7, 2016

C# - Basic Syntax



using Keyword

ඕනෑම C# වැඩසටහනක පළමු statement එක මෙයයි. පරිගණක වැඩසටහනට namespaces ඇතුළත් කිරීමට මෙය යොදා ගනී. එක් වැඩසටහනක using Keyword එකකට වඩා තිබිය හැක.


class Keyword

මෙය පරිගණක වැඩසටහනෙහි class එකක් declare කිරීම සඳහා යොදා ගනී.


Comments in C#

මේවා කේත විස්තර කිරීම සඳහා යොදා ගනී. පරිගණක වැඩසටහනක් compile කිරීමේදී compiler එක මගින් මේවා මගහැරීම සිදු කරයි. Line කිහිපයක comment එකක් යෙදීමට අදාළ කොටස /*----------*/ අතර ලියනු ලබයි. තනි Line එකක comment එකක් යෙදීමට //------------ ආකාරයට ලියනු ලැබේ.

උදා:
/* C# Programming Sinhalen
    Multiline comments */

// single line comment


Identifiers

Identifier යනු programmer විසින් නිර්මාණය කරනු ලබන class, variable, function සහ ඕනෑම user define item එකක් නම් කිරීමට යොදා ගන්නා නමකි. මේවා නම් කිරීමේදී අනුගමනය කල යුතු මුලික නීතීන් පහත දැක්වේ.

  • නමක් පටන් ගැනීමේදී අනිවාර්යයෙන් අකුරකින් පටන් ගත යුතු අතර එහි තවත් අකුරු, ඉලක්කම්, _ සලකුණ ඇතුළත් කල හැක.
  • නමක් තුළ හිස් ඉඩක් හෝ ? ! @ # $ % ^ & * ( ) - + = < > , . / ; : ‘ “ [ ] { } \ වැනි සංකේත නොතිබිය යුතුය. නමුත් _ සංකේතය යොදා ගත හැක.
  • එය C# භාෂාව තුල භාවිතා කරන Keyword එකක් නොවිය යුතුය.


C# Keyword

Keyword යනු කලින් සකසා C# Compiler එකට ලබා දුන් වචන වේ. මෙම Keywords, Identifier ලෙස යොදා ගත නොහැක. නමුත් මෙම Keywords, Identifier ලෙස යොදා ගැනීමට අවශ්‍ය නම් @ සලකුණ සමග වැඩසටහනෙහි මුලින් සදහන් කල යුතුය.


C# හි සමහර Identifier වලට කේත අන්තර්ගතය තුල විශේෂ තේරුම් පවතී. ඒවා Contextual Keyword ලෙස හඳුන්වයි. 




ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න.

No comments:

Post a Comment