Sunday, January 4, 2015

C# Environment

   

   C# Programming සිංහලෙන් ලෙස අප ඔබ වෙත ගෙන එන පාඩම් මාලාවේ දෙවෙනි පාඩම මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. C# වැඩසටහන් නිර්මාණය කිරීමට පෙර ඒ සඳහා අපගේ පරිගණකයේ අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගන්නා ආකාරය මෙම පාඩමේදී සළකා බලමු. මේ සඳහා අවශ්‍ය tools පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.


  C# යනු .Net Framework හි කොටසක් සහ .Net Application සෑදීමට යොදා ගන්නා භාෂාවක් බවත් අප මුල් පාඩමේදී සඳහන් කරණ ලදී. එම නිසා C# වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය tools පිළිබඳව සාකච්ජා කිරීමට පෙර C# සහ .Net Framework අතර ඇති සම්බන්ධය අප තේරුම් ගත යුතුය. 


.Net Framework යනු කුමද්ද?



  සරලවම කිවහොත් මෙය Windows මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන මෘදුකාංග සැකිල්ලකි. පහත සඳහන් application වර්ග නිර්මාණය කල හැකි පෙරළිකාර platform එකකි.

  • Windows applications
  • Web applications
  • Web services


  .Net framework applications වර්ග  multi-platform applications ගණයට අයත් වේ. .Net framework එක ඒ අයුරින් ක්‍රියා කිරීම සඳහා සකසා ඇත. C#, C++, Visual Basic, Jscript, COBOL, ආදී භාෂාවන් යොදාගෙන applications නිර්මාණය කළ හැකිය. එම නිසා මෙම භාෂාවන් වලට framework එක පරිශීලනය(can access) කල හැකි සේම එම භාෂාවන් එකිනෙක අතර සන්නිවේදනයද කළ හැක.

  .Net framework හි C# වැනි client languages වල භාවිතා වන කේත library අති විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වේ. මීට අමතරව පහත සඳහන් පහසුකම්ද සපයයි.

  • Virtual Machine
  • Common Language Run-time (CLR)
  • The .Net Framework Class Library
  • Common Language Specification
  • Common Type System
  • Metadata and Assemblies
  • Windows Forms
  • ASP.Net and ASP.Net AJAX
  • ADO.Net
  • Windows Workflow Foundation (WF)
  • Windows Presentation Foundation
  • Windows Communication Foundation (WCF)
  • LINQ

   ඉහත සඳහන් සේවාවන් පිලිබඳ වැඩි විස්තර Microsoft Developer Network වෙත පිවිසීමෙන් ලබා ගත හැක. වැඩිපුර කියවන්න.


  C# මගින් console type වැඩසටහන් ලිවීම සඳහා .Net framework එක පමණක් පරිගණකයට  install කර තිබීම සෑහේ. Notepad වැනි සරල text editor එකක් භාවිතා කර source code එක ලියා Command Prompt එකෙහි compile හා Run කර output එක ලබා ගැනීම මෙහිදී සිදුවේ. මේ සඳහා command-line compiler එකක් .Net framework මගින් සපයයි. GUI සහිත වැඩ සංකීර්ණ සටහන් ලිවීම සඳහා Visual Studio වැනි මෘදුකාංගයක් (IDE) භාවිතා කල හැක. මෙවැනි මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කිරීමේදී .Net framework එකද ස්වයංක්‍රීයව පරිගණකයට ස්ථාපනය වේ.


Microsoft විසින් C# programming සඳහා පහත සඳහන් development tools / IDE සපයයි.

  • Visual Studio  (VS)
  • Visual C# Express (VCE)
  • Visual Web Developer




  Microsoft official website එකට පිවිස ඉහත සඳහන් tools ලබා ගත හැක. මෙම tools භාවිතා කරමින් සරළ command-line application වල සිට සංකීර්ණ වැඩ සටහන් නිර්මාණය කල හැකිය. Visual C# Express සහ Visual Web Developer Express edition මෘදුකාංග Visual Studio මෘදුකාංගය පදනම් කර ගනිමින් නිර්මාණය කල ඒවා වේ. Visual Studio හි ඇති බොහොමයක් පහසුකම් මේවායේද දක්නට ලැබේ. එම නිසා මේවා එකම ආකාර ගනී. Microsoft වෙබ් අඩවියෙහි Developer Tools වෙත පිවිස මේවා ඔබේ පරිගණකයට download කර install කර ගැනීමෙන් C# වැඩසටහන් නිර්මාණය කිරීම ආරම්භ කල හැකිවේ.


Linux or Mac OS මත C# Programs ලිවීම


  .Net framework එක Windows මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වුවද එහි විකල්ප පිටපත්(versions) අනෙක් මෙහෙයුම් පද්ධති වල ක්‍රියා කිරීම සඳහාද පවතී. Mono යනු එවැනි .Net Framework හි open-source version එකක් වන අතර එය විවිධ මෙහෙයුම් පද්ධති මත ක්‍රියා කරයි . එහි මෙහෙයුම් පද්ධතිය සඳහා ගැලපෙන C# compiler එකක්  අන්තර්ගතව ඇත. Mono හි අරමුණු වන්නේ Microsoft .NET applications වෙනත් platform මත ක්‍රියා කරවීමට අවස්ථාව සැලසීම සහ Linux developers ලාට වඩාත් හොඳ development tools ලබා දීමයි. Android, BSD, iOS, Linux,
OS X, Windows, Solaris සහ UNIX මෙහෙයුම් පද්ධති වල Mono හට ක්‍රියා කල හැකිය.

ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න.

3 comments: