Wednesday, June 3, 2015

C# Programe Structure

C# Programming සිංහලෙන් ලෙස අප ඔබ වෙත ගෙන එන පාඩම් මාලාවේ තෙවෙනි පාඩම මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. C# හි programming concept අධ්‍යනය කිරීමට පෙර මූලික වැඩසටහන් ව්‍යූහය දෙස අවධානය යොමු කරමු. එය ඉදිරි පාඩම් සඳහාද සම්බන්ධ කරගත හැක. මේ සඳහා පරිගණක භාෂා ඉගෙනීමට මුලුන්ම භාවිතා කරණ සුප්‍රසිද්ධ Hello World උදාහරණය යොදා ගනිමු.

ඔබේ පරිගණකයේ .Net framework ස්ථාපනය කර ඇත්නම් සරල Text Editor එකක්  මගින් හෝ Visual Studio ස්ථාපනය කර ඇත්නම් Visual Studio හි Console Application මගින් වැඩසටහන ආරම්භ කල හැක. C# වැඩසටහනක් මූලිකව පහත කොටස් වලින් සමන්විත වේ.
  • Namespace
  • A class
  • Class methods
  • Class attributes
  • A main method
  • Statements & Expressions
  • Comments



දැන් අපි අපගේ පළමු වැඩසටහන වන Hello World වැඩසටහන දෙස බලමු.



මෙම වැඩසටහන compile කර execute කල විට පහත ප්‍රථිපලය ලැබේ.




දැන් අපි ඉහත වැඩසටහනේ ඇති කොටස් පිළිබඳව අධ්‍යනය කරමු.

පළමු පේළියෙහි ඇති using key word එක භාවිතා කර System namespace එක වැඩසටහනට ඇතුලත් කර ඇත. using key word එක භාවිතයෙන් කලින් සකස් කරණ ලද(pre define)  namespace ඇතුලත් කර ගනු ලබයි. namespace එකක් යනු classes collection එකකි. .Net වල class library බොහෝ ගණනක් පවතී. class library එකක් සමාන ලක්ෂණ(features) සහිත classes එකතු වී group එකක් ලෙස සෑදී ඇත. එම group එකකට namespace එකක් යැයි කියනු ලැබේ. සාමාන්‍ය වැඩසටහනක using statement බොහෝ ගණනක් තිබිය හැක.

දෙවන පේළියෙහි namespace key word එක භාවිතයෙන් User විසින් namespace එකක් declare කර ඇත. මේවා User define namespace වේ. HelloWorldApplication namespace එක තුළ HelloWorld class  එක පවතී.

ඊලගට ඇති පේළියෙන් class එක declare කර ඇත. සෑම C# වැඩසටහනකම අඩුම තරමින් එක class එකක්වත් තිබිය යුතුය. මේවා User define class වේ. class එක තුළ program එකෙහි භාවිතයට ගන්නා data සහ method definitions අන්තර්ගතව ඇත. class එකක් තුළ method එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැක. ඉහත වැඩසටහනෙහි එක් method එකක් ඇත. ඒ Main method එකයි.

class definition එකෙන් පසුව Main method එක යෙදේ. මෙහි M අකුර capital විය යුතුය. සෑම C# වැඩසටහනකම entry point එක ලෙස සැලකෙන්නේ Main method එකයි.

Main method එක තුළ statements අන්තර්ගත වේ. WriteLine() සහ ReadKey() යනු System namespace තුළ තිබෙන Console Class එකෙහි ඇති method වර්ග වේ. WriteLine() method එක මගින් Hello World වාක්‍ය දර්ශනය කරයි. ReadKey() method එක මගින් key press එකක් ලැබෙන තුරු වැඩසටහන close නොකර තබා ගනී.

පහත සඳහන් ලක්ෂණ කෙරෙහි C# වැඩසටහන් ලිවීමේදී අවධානය තබා ගත යුතුය.



  • C# භාෂාව  case sensitive වේ.
  • සියළු statements සහ  expression අවසන් විය යුත්තේ semicolon (;) එකකිනි.
  • වැඩසටහන් execute වීම ආරම්භ වන්නේ Main method එකෙනි.
  • program file එකේ නම class එකෙහි නමට සමාන වීම අනිවාර්ය නොවේ. 





ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න.

2 comments:

  1. මෙම වැඩසටහන compile කර execute කල විට පහත ප්‍රථිපලය ලැබේ.

    compile කරන විදියත් දැම්මා නම් ඒක පහළම මට්ටමේ ඉන්න කෙනෙක්ටත් හොඳයි නේද?

    ReplyDelete
  2. අදහසට ස්තුතියි. ඉදිරි පාඩමකදී ගෙන එන්නම්.

    ReplyDelete