Saturday, July 11, 2015

C# Program එකක් compile කර execute කිරීම.


අප කලින් පාඩම ඉදිරිපත් කල පසුව C# Program එකක් compile කර execute කරන ආකාරයත් ඉදිරිපත් කරණ ලෙස ඉල්ලීම් කිහිපයක් ලැබුණි. ඒ නිසා මෙම පාඩමෙන්  C# Program එකක් compile කර execute කරන ආකාරය ඔබ වෙත ගෙන එන්නෙමු. අප කලින් පාඩමේදී ඉගෙන ගත් Hello World උදාහරණ
ය මේ සඳහා උපයෝගී කර ගනිමු. C# Program එකක් compile කර execute කරන ආකාර දෙකක් පවතී.







ඔබ C# පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට Visual Studio.Net භාවිතා කරන්නේ නම් පහත පියවරවල් අනුගමනය කළ හැක.



  • Visual Studio Open කරන්න.
  • එමගින් ඔබට ලැබෙන අතුරු මුහුණතෙහි ඇති  Menu bar එකේ File හි ඇති New වල Project තෝරන්න.
  • ඉන්පසු ලැබෙන Templates වලින් Visual C# තෝරා අනතුරුව එහි ඇති Windows තෝරන්න.
  • ඊට පසු Console Application තෝරන්න.
  • අනතුරුව ඔබේ Project එකට නමක් යොදා Ok කරන්න.
  • එවිට New Project එකක් ආරම්භ වේ.
  • එහි ඔබගේ Hello World C# Program එකේ code ලිවිය හැක.
  • Run Button එක හෝ  F5 key එක click කිරීමෙන් ඔබ ලියූ program එක Run කළ හැක.
  • ඉන් පසු Command Prompt window හි program එකෙහි Output එක දිස්වේ.




ඉහත C# Program එකම Command-line interface භාවිතයෙන් compile කළ හැක. ඒ සඳහා පහත පියවරවල් අනුගමනය කරන්න.

  • Text editor එකක් open කර  Hello World C# Program එකේ code ලියන්න.
  • එය helloworld.cs ලෙස save කරන්න. (C# Program save කරන්නේ .cs extention එකෙනි. )
  • Command Prompt tool එක open කර එමගින් කලින් ඔබ Program එක save කළ ස්ථානයට (directory) යන්න.
  • ඉන් පසු csc helloworld.cs ලෙස  type කර Enter කිරීමෙන් ඔබගේ Program එක compile වේ.
  • ඔබගේ Program එකෙහි errors නැති නම් ඔබගේ Program එක  compile වී helloworld.exe ලෙස අලුතින් excutable file එකක් නිර්මාණය වේ.
  • එවිට Command Prompt එකෙහි helloworld ලෙස type කිරීමෙන් ඔබගේ Program එක execute වේ.
  • අවසානයේදී Hello World ලෙස තිරය මත දිස්වනු ඔබට දැක ගත හැකි වේ.



ඔබගේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න. 

1 comment:

  1. ජය වේවා ...
    හොදට කරන්න තව තව ... එල

    ReplyDelete